විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය අද (26) ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන්සභාව දන්වා සිටී.
සුදුසුකම් ලැබූ සිසුන්ට අද දහවල් 12.00 ට පෙර ඔවුන්ගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ඔස්සේ දැනුම් දෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ.
එම ලියාපදිංචි කිරීමේ කටයුතු දෙසැම්බර් 05 දක්වා සිදුකෙරෙයි.