කොවිඩ් ඖෂධ ගෙන්වීමට අවධානය

කොවිඩ් ඖෂධ ගෙන්වීමට අවධානය

කොවිඩ් ආසාදිතයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මොල්නුපිරවීර් කරල ලබාදීම පිළිබඳ අද ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී  සාකච්ඡා කර තිබේ.

කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී තිබෙන්නේ.

එසේම කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට බුස්ටර් මාත්‍රාව ලබාදීමට කටයුතු කරනලෙසටද උපදෙස් ලබාදී තිබේ.

ජංගම සේවා මඟින් මෙන්ම  රෝහල් වෛද්‍ය සායනවලට පැමිණෙන පුද්ගලයින්ට එහිදීද මෙම බූස්ටර් මාත්‍රාව ලබාදීමටයි මෙම රැස්වීමේදී සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

මේ අතර වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝගවලින් පෙළෙන සියලුදෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට තීරණය වී ඇත. 

ඒ අනුව පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝනොවන රෝගයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාටද විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත් තුන්වන මාත්‍රාව ලබාදීම සිදුකිරීමටයි තීරණය වී තිබෙන්නේ.