නව කැලණි පාලම ජනතා අයිතියට

Previous Next

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම අද විවෘත කෙරිණ.

කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) ලෙස එය නම් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදෙයිකි මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පාලම විවෘත කිරීමේ කටයුතු සිදුවිය.

අද මෙලෙස ජනතා අයිතියට පත්කෙරුණු නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුයේ 2014 වසරේදීයි.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන ස්ථානයේ සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැලණි පාලම් ව්‍යාපෘතිය අවසන් වන්නේ, ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙනි.