පාරුවක් පෙරලීමෙන් අනතුරක් !

පාරුවක් පෙරලීමෙන් අනතුරක් !

ත්‍රිකුණාමලය , කින්නියා, කුරිඤ්ඤන්කර්නි ප්‍රදේශයේ කළපුවක යාත්‍රා කළ පාරුවක් පෙරළී අනතුරක් සිදුවී  තිබේ.

මෙම අනතුරෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙන අතර ඒ අතර පාසල් දරුවන්ද සිටින බවයි වාර්තාවන්නේ.

11 දෙනෙකු රෝහල්ගතකර ඇති බවත් පාරුව පෙරළෙන අවස්ථාවේ එහි ළමුන් 20 දෙනෙකු පමණ එහි සිට ඇති බවත් පොලිසිය පවසයි.
අතුරුදන්ව ඇති පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.