කෘෂි විද්‍යාඥයින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යොමු කළ කෘෂි මාර්ගගත සැලැස්මට අනුව
නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට යළි අවසර දී තිබේ.
ඒ අනුව, මෙරටට අවශ්‍ය සියලු ගුණාත්මක බවින් යුත්, නිර්දේශිත පොහොර ආනයනය කර, කඩිනමින් ගොවි බිම් වෙත නිකුත් කිරිමට මේ වන විටත්, අවශ්‍ය පසුබිම් සකස් කරමින් ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය.
ශාක පෝෂක යළි මෙරටට ගෙන්වීමට අවසර
