තුරඟ තරගපිටියේ අවන්හලක ගින්නක්

තුරඟ තරගපිටියේ අවන්හලක ගින්නක්

කොළඹ තුරඟ තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පහත මහලේ පිහිටි අවන්හලක අද අලුයම පිපිරීමක් සමඟ ගින්නක් හටගෙන තිබේ.

එම පරිශ්‍රයේ සිදු වූ ගෑස් කාන්දුවීමකින් මෙම පිපිරීම සිදු වන්නට ඇති බවට දැනට සැක පළ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

පිපිරීමෙන් පසු ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගරසභා ගිනිනිවීම් ඒකකය සහ පොලීසිය කටයුතු කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පිපිරීම හෝ ගින්න හේතුවෙන් කිසිවෙකු තුවාල ලැබීමක් හෝ මිය යාමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ.