ඉන්ධන ප්‍රමාණවත් - ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සභාපති

ඉන්ධන ප්‍රමාණවත් - ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සභාපති

මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව  ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා පවසයි.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි සභාපතිවරයා මෙම අදහස් පළකළේ.

අනවශ්‍ය කලබලයකින් ඉන්ධන රැස්කරගැනීම අනවශ්‍ය බව පෙන්වා දෙන සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මේ මොහොතේ ඉන්ධන කඩිනමින් බෙදාහරිමින් සිටින අතර ගබඩා සතුවද ඉන්ධන ප්‍රමාණවත් පරිදි පවතින බවයි. මුතුරාජවෙල සහ කොළොන්නාව පර්යන්ත මගින් එම බෙදාහැරීම් සිදුකරන බවයි සභාපතිවයා සඳහන් කළේ.

 

 

 

 

 

 

.