' එක රටක් එක නීතියක් ' සඳහා ජනාධිපති කාර්යය සාධක බළකායක්

' එක රටක් එක නීතියක් ' සඳහා  ජනාධිපති කාර්යය සාධක බළකායක්

' එක රටක් එක නීතියක් '  සඳහා වූ  ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කර තිබේ.

ඊට අදාළ  අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ඊයේ (26) නිකුත් කෙරිණ.

රට තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම සහ අධිකරණ අමාත්‍යාංශය විසින්  මේ වනවිට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන ඇත්නම් ඒ  සඳහා යෝජනා ඉදිරිපත් කිරීම
එම කාර්යය සාධක බළකායට පැවරී ඇති කාර්යයි.

එහි සාමාජිකයින් මෙසේයි

• ගලගොඩඅත්තේ ඥානසාර හිමි - සභාපති

• ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක - ලේකම්

• මහාචාර්ය දයානන්ද බණ්ඩා
• මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ
• මහචාර්ය සුමේධ සිරිවර්ධන
• එන්.ජී සුජිත් පණ්ඩිතරත්න
• නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න
• නීතිඥ සංජය මාරඹේ
• එරන්ද නවරත්න
• පානී වෑවල
• මවුලවි මොහෙමෙඩ්
• කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්
• කලීල් රහුමාන්
• අසීස් නිසාර්දීන්