' ආදානි ' සභාපති දිවයිනට

' ආදානි ' සභාපති දිවයිනට

අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා ඇතුළු පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

පුද්ගලික ගුවන් යානා දෙකකින් ඔවුන් ඊයේ (24) රාත්‍රියේ දිවයින පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සිදුකරන ආදානි සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා අද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි හින්දු පුවත්පත වාර්තා කර තිබෙන්නේ.

බටහිර පර්යන්ත ව්‍යපෘතිය පිළිබඳවත් බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබේ.