නිවැරදි දේ කිරීම මගේ අරමුණයි - ජනපති

නිවැරදි දේ කිරීම මගේ අරමුණයි - ජනපති

දේශපාලන වාසි නොසලකා අසීරු දේ ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව ජනාධිපතිවයා ප්‍රකාශ කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ, උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගාබිම නිරීක්ෂණයට අද (23) පෙරවරුවේ එක්වෙමිනි.

තමාට අවශ්‍ය ඡන්දය නොව
ජනතාවට නිවැරදි දේ කිරීම බවත් නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දෙස පමණක් බැලීමට සූදානම් බවත්
ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

කාබනික වගාවන්හි නියැලෙන ව්‍යවසායකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්විය.

"අවුරුදු දහස් ගාණක් අපි යූරියා ගැහුවේ නැහැ නේ. මේ 70 ගණන්වල තමයි අපි යූරියා ගෙනාවේ ඊට ඉස්සරවෙලා මම දැකලා තිබෙනවා. මගේ අම්මලා තාත්තලා වගා කරපු හැටි යූරියා ගැහුවේ නැහැ. පරිසරයත් හොඳයි වතුරත් හොඳයි. හොඳ අස්වැන්නත් හොඳයි”

යනුවෙන් පැවසූ ජනපතිවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් කාබනික ගොවිතැනට එක්වන ලෙසයි.