දේශපාලනය එපා ! කලාව මට ඇති !! - යොහානි

දේශපාලනය එපා ! කලාව මට ඇති !! - යොහානි

දේශපාලනයට පිවිසීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් කලා කටයුතු සමඟ ඉදිරියට යාමට අපේක්ෂා කරන බවත් ලොව පුරා ජනාදරයට පත් යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා පවසයි.

ඉන්දීය සංචාරය නිමා කරමින් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි පසු කටුනායක ගුවන්තොටුපලේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුර ලෙස ඇය මෙම ප්‍රකාශය සිදු කළාය.

එසේම ඉදිරියේදී ගීත ඇල්බමයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් එහි සියලු ගීත සිංහල බසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් ලෙස සිදු කරන බවත් ඇය සඳහන් කළාය.

ඉන්දීය සංචාරය ඇයට මෙන්ම ඉන්දීය ජාතිකයන්ටද නව ඇත්දැකීමක් වූ අතර ඇයට ලෝකයේ ජනාදරය හිමිවූ  'මැණිකේ' ගීතයේ නිර්මාණකරුවන්ටද ඇය සිය කෘතවේදීත්වය පලකළාය.