ඉන්දීය හමුදාපති දිවයිනට

ඉන්දීය හමුදාපති දිවයිනට

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ මහතා පස්දින නිල සංචාරයක් සඳහා අද (12) දහවල් දිවයිනට පැමිණියේය.

ඔහු සමඟ ඉන්දීය ආරක්ෂක හමුදාවල උසස් නිලධාරීන් සිව් දෙනෙකු පැමිණ තිබේ.

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ, මෙරට ක්‍රියාත්මක ඉන්දු ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා එක්වීමට නියමිත අතර මෙම සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් හමුවීමට සැලසුම්කර තිබේ.