පාන් ඇතුළු ආහාර මිලත් ඉහළට

පාන් ඇතුළු ආහාර මිලත් ඉහළට

තිරිඟු පිටි, ගෑස් සහ බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පාන් මිල අද (11) රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් මිල ඉහළ යනු ඇත.

කෙසේවෙතත් සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදුනොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

මේ අතර ගෑස් සහ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක සහ කෑම පැකට්ටුවක මිල ද ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව කිරි තේ කෝප්පයක් හා කෑම පැකට්ටුවක් රුපියල් 10කින් මිල වැඩි කර ඇත.

සුළු කෑම සහ ප්ලේන් ටී මිල මිල ගණන් වැඩි කිරීමත් සිදුනොවන අතර රොටී වර්ග වල මිල වැඩි කිරීමට තීරණය කර ඇති බවත් එම මිල වැඩිවීම ඉදිරියේ දී දැනුම් දීමට නියමිත බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය.