ප්‍රාග් ඉතිහාසය ලෙහා දුන් මහා ප්‍රාඥයා සමු ගනියි !

ප්‍රාග් ඉතිහාසය ලෙහා දුන් මහා ප්‍රාඥයා සමු ගනියි  !

මෙරට ප්‍රාග් මානව ඉතිහාසය පිළිබඳ පර්යේශණ කළ මහා ප්‍රාඥයා ලෙස සැලකෙන විශිෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වූ
ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය.

1992 වසරේ සිට 2001 වසර දක්වා ආචාර්ය සිරාන් දැරණියගල මහතා පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

වසර 130 000 කට පෙර මෙරට වාසය කළ ප්‍රාග් මානවයා පිළිබඳ කරුණු අණාවරණය කරගත් ' බූන්දල පතිරාජවෙල ' පුරාවිද්‍යාත්මක පර්යේශණය, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල, බෙලිලෙන, පාහියන්ගල වැනි ස්ථාන වල සිදුකළ කැණීම් සිරාන් මහතාගේ විශිෂ්ඨ සේවා අතරට ඇතුළත්.

දකුණු ආසියාවේ පැරණිතම නූතන මානව සාධක ශ්‍රී ලංකාව සතු බව ලෝකයට කියාපෑමේ පුරෝගාමී මෙහෙවෙරක් දැරණියගල මහතා අතින් සිදුවිය.