ඉන්දු - ලංකා මිත්‍ර ශක්ති අද සිට

ඉන්දු - ලංකා මිත්‍ර ශක්ති අද සිට

ඉන්දීය – ශ්‍රී ලංකා ‘මිත්‍ර ශක්ති’  ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අද (04) අම්පාර සටන් පුහුණු පාසලේදී ආරම්භ කෙරේ.

කර්නල් ප්‍රකාශ් කුමාර් මහතාගේ නායකත්වයෙන් ඉන්දීය හමුදා සමාජිකයින් 120 දෙනෙකු ඊට සහභාගී වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සමඟ සිදුකරන මෙම අභ්‍යාසය  කොවිඩි – 19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව ජෛව බුබුලක් ලෙස ඔක්තෝබර් 15 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සූදානම්කර තිබේ.

දෙරටේම හමුදා අතර සමීප සබඳතා ප්‍රවර්ධනය කිරීම,
කැරලි මර්දන හා ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලදී අන්තර් ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම සහ ප්‍රශස්ථ භාවිතයන් හුවමාරු කර ගැනීම මෙහි අරමුණයි.

මෙවර පැවැත්වෙන්නේ මිත්‍ර ශත්ති ඒකාබද්ධ හමුදා අභ්‍යාසයේ 08 වන අදියර වන අතර 2019 වසරේ මහාරාෂ්ට්‍රයේ (ඉන්දියාවේ) පූනේහි විදේශ පුහුණු නෝඩ් හිදී එහි 07 වන අදියර පැවැත්විණ.