ජගත් මහ සමුළුව වෙනුවෙන් ජනපති නිව්යෝර්ක් නුවරට

ජගත් මහ සමුළුව වෙනුවෙන් ජනපති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අලුයම අමෙරිකාවේ, නිව් යෝර්ක් නුවර බලා පිටත් විය.

ලබන 21 වැනිදා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වේ. එහි දෙවන දිනය වන 22 වන දා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිතව තිබේ.

පදවි ප්‍රාප්තියෙන් පසු ජනපතිවරයා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී රාජ්‍ය නායක සමුළුව අමතන පළමු අවස්ථාව මෙය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මෙම සංචාරයට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන්ද එක්ව තිබේ.