විදුලි බිල් ගෙවන්නැයි ඇමති ලොකුගේ ඉල්ලයි

විදුලි බිල් ගෙවන්නැයි ඇමති ලොකුගේ ඉල්ලයි

ගෙවීමේ හැකියාව ඇත්නම් ඉක්මනින් විදුලි බිල් ගෙවීමට පියවර ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ වන විට බිලියන 44 ක පමණ බිල්පත් විදුලිබල මණ්ඩලයට අයවීමට ඇති බවත් ඒ හේතුවෙන් විදුලි බල මණ්ඩලය දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් බිල් පත් නොගෙවුවද විදුලිය කප්පාදු කිරීම මේ දින වල සිදු නොකෙරේ.

නමුත් මින් ඉදිරියට හිඟ බිල්පත් සඳහා 12% ක අතුරු ගෙවීමක් එකතු කරීම වැනි ක්‍රියා මාර්ග මඟින්  බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් උනන්දු කරවන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

අද (16) පැවැති මාධ්‍ය හමුවකදීයි  ගාමිණී ලොකුගේ මහතා මෙම අදහස් පල කළේ.