ලංකාවට එරෙහි චෝදනා විදේශ ඇමති ප්‍රතික්ෂේප කරයි !

ලංකාවට එරෙහි චෝදනා විදේශ ඇමති ප්‍රතික්ෂේප කරයි !

බාහිර ක්‍රියාමාර්ග සඳහා වන 46/1 යෝජනාව, ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප බව අද (14) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසි වාරය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා කරුණු පැහැදිලි කළේය.

එසේම මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ හදිසි නීතිය සම්බන්ධව ඊයේ කළ වාචික කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ජන ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සහතික කිරීම රජයේ මූලික යුතුකමක් ලෙස සලකන බවයි.

මහකොමසාරිස්වරියගේ වාර්තාවට අදාළ සාමාජික රටවල විවාදය අද පැවැත්විණ.