පාස්කු ප්‍රහාරයේ නඩුව කැඳවීම ලබන මාසයේ

පාස්කු ප්‍රහාරයේ නඩුව කැඳවීම ලබන මාසයේ

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

සභාපති විනිසුරු දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව මෙම නඩුව විභාග වන අතර එම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍ර එදින ඔවුන්ට බාරදීමට නියමිතය.