ලක්ෂ්මන් යයි කබ්රාල් එයි

Previous Next

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා එළඹෙන සැප්තැම්බර් 14 දින සිට බලපැවැත්වෙන පරිදි සිය
ධුරයෙන් විශ්‍රාම යන බව ඊයේ (10) දින නිවේදනය කළේය.

2019 දෙසැම්බර් 24 දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ  අධිපතිවරයා ලෙස සහ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා කටයුතු කළේය.
කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය ලක්ෂ්මන් මහතා
මහ බැංකුවේ මහාචාර්ය  15 වැනි අධිපතිවරයායි. එසේම 1994 සිට 1999 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙසද ඒ මහතා  සේවය කළේය.

මේ අතර මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ඔහු ලබන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතයි.

රටේ මේ මොහොතේ පවතින අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තමා මහ බැංකුවේ අධිපති ධුරය යළි භාරගැනීමට සූදානම් බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා
අද (11) පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.