කාබුල් ගුවන්තොටුපල ආසන්නයේ පිපිරීමෙන් සිදුවූ ජීවිත හානි 90 දක්වා ඉහළට

කාබුල් ගුවන්තොටුපල ආසන්නයේ පිපිරීමෙන් සිදුවූ ජීවිත හානි 90 දක්වා ඉහළට

ඊයේ (26) කාබුල් නුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේ සිදුවූ පිපිරීමෙන් අමෙරිකානු භටයින් 13 ක් ඇතුළු පුද්ගලයින් 90 ක් මියගොස් තවත් 150 ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මරාගෙන මැරෙන බෝම්බ කරුවන් දෙදෙනෙකු විසින් සිදුකර ඇතැයි සැලකෙන මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම  ISIS සංවිධානය විසින් භාරගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.