කාබුල් ගුවන්තොටුපල ආසන්නයේ පිපිරීමක් !

කාබුල් ගුවන්තොටුපල ආසන්නයේ පිපිරීමක් !

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේ පිපිරීමක් සිදුව තිබේ. 

ගුවන්තොටුපලේ ගේට්ටුවක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති අතර යම් පිපිරීමක් සිදුවිය හැකි බවට ජාත්‍යන්තර බුද්ධි අංශ පැය කිහිපයකට පෙර අනතුරු අඟවා තිබිණ. 

මෙම අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.