එන්නත ලබාගෙන නැතිනම් කොළඹ ජංගම වෙළඳාම තහනම් !

එන්නත ලබාගෙන නැතිනම් කොළඹ ජංගම වෙළඳාම තහනම් !

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම් කළ හැකි වන්නේ කොව්ඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ගෙනඇති වෙළෙඳුන්ට පමණක් බවත් එසේ නොමැතිව වෙළෙඳාමේ නිරත වුවහොත් නිරෝධායන නීති යටතේ කටයුතු කරන බවත්
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

එසේම පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 වැනිදායින් පසු නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.සැප්තැම්බර් මුල් සතිය වන විට වයස අවුරුදු 30 ට වැඩි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 75% ප්‍රතිශතයක් වනු ඇති බවට අපේක්ෂා කරන බවත් ඒ මත පදනම්ව, ඩිජිටල් කාඩ්පත නිකුත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සැප්තැම්බර් මස සිට එන්නත් ලබාගත් බවට වන සහතිකය නොමැතිව වයස අවු 30 ට වැඩි පිරිසට පොදු ස්ථාන වල ගැවසීම තහනම් කෙරෙන බවට මින් පෙර ප්‍රකාශ කෙරිණ.