නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරයිද? තීරණය හෙට

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරයිද? තීරණය හෙට

ලබන 30 වනදා අලුයම 4.00 දක්වා බලපැවැත්වෙන නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ
මේ  වනවිට රජය පනවා ඇති සංචරණ සීමාවලට ජනතාව නිවැරදිව අනුගත නොවුනොත් එම සංචරණ සීමා දීර්ඝ කිරීමට සිදුවිය හැකි බවයි.