පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බවත් එය දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනීයන බවත් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පවසයි.

එය සිදුවීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදුවී ඇති බවත් ඒ හේතුවෙන් ඒ පිළිබඳ තොරතුරු මහජනතාව ට හෙළිකිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බවයා පොලිස්පති වරයා පෙන්වා දෙන්නේ.

මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදුකරන්නක් බවත්පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශන සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් එම විමර්ශන සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බවත් පොලිස්පති වරයා වැඩි දුරටත් සඳහන් කරයි.