ඉන්දීය මහකොමසාරිස් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

Previous Next

මෙරට ඔක්සිජන් අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ අවධානයක් මේ මොහොතේ යොමු කරන ලෙසත් ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මෙරටට ලබාදීම කෙරෙහිද අවධානය යොමුකරන ලෙසත් 

සෞඛ්‍ය අමාත්‍යවරයා අද ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අද (25) සුවසිරිපායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවති සුහද හමුවේදීය. 
මෙයට අමතරව Tocilizumad  ඖෂධය (Tozi) මෙරටට ලබාදීම කෙරෙහිද ඉන්දියාවේ අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ඉන්දීය ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වය හා සහයෝගය ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යන බවත්,විශේෂයෙන් කොවිඩ් - 19 මර්දනයේදී ඉන්දියාවෙන් ලබාදිය හැකි උපරිම සහය ලබාදෙන බවත්  ගෝපාල් බාග්ලේ මහතා එහිදී  පවසා ඇත.