ඉරාජ් තරුණ සේවා සභාවෙන් යයි !

ඉරාජ් තරුණ සේවා සභාවෙන් යයි !

ජාතික තරුණ සේවා සභාවේ (NYSC) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු  ලෙස පත් කෙරුණු ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න එම තනතුරෙන් අද (25) ඉල්ලා අස්වී තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසා ඇත්තේ හදිසි පෞද්ගලික වැඩකටයුතුවලට කාලය අවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බවයි. එමෙන්ම ඉදිරියේදී කලාකරුවෙකු ලෙස සිය සහාය අවශ්‍ය ඕනෑම මොහොතක සිය සහය ලබා දෙන බවද ඔහු එම  ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ඉරාජ් වීරරත්න, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර තිබුණි.

එම ලිපිය පහතින් -