ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න දිවි ගමන නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න දිවි ගමන නිම කරයි

ඊයේ රාත්‍රියේ නුවරඑළිය තලවාකැලේ මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
ටෙලි නාට්‍යයක් රූගත කිරීම සඳහා නුවරඑළියට ගොස් යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන බව වැඩි දුරටත් වාර්තා වේ.

සිනමාවේ සහ පුංචි තිරයේ ආදරණීය චරිත රැසකට පණ පෙවූ ඇය සිනමාවට එක් වූයේ 1977  වසරේ සුගතපාල සෙනරත් යාපා විසින් අධ්‍යක්ෂණය කරන ලද "පෙම්බර මධු"   චිත්‍රපටයෙනි. මෙරට ප්‍රථම ප්‍රාසාංගික ටෙලි නාට්‍යය වූ "දිමුතු මුතු" ටෙලි නාට්‍යටද රංගනයෙන් දායක වූ ඇය "තුන් වෙනි යාමය", "සුරබිදෙන", "කරුමක්කාරයෝ", "කිරිමධුවැල්", "කන්‍යාවි", "තාරකා මල්", "ඉන්දුට මල් මිටක්" ඇතුළු සිනමා පට මෙන්ම "හිම රාත්‍රිය", "චාතූර්යා" වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය සඳහාද රංගනයෙන් දායක විය.

මිය යන විට ඒ මහත්මිය 75 වන වියේ පසුවිය.