අමතක වූ ගගනගාමියා දිවි ගමනට සමු දෙයි!

අමතක වූ ගගනගාමියා දිවි ගමනට සමු දෙයි!

පළමු සඳ තරණයට එක්වූ ගගනගාමීන් තිදෙනාගෙන් කෙනෙක් වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී තිබේ.

පිළිකා රෝගයෙන් කලක පටන් පීඩා විඳි ඔහු මිය යන විට වයස අවුරුදු 90 ක් විය.

ඉතාලියේ උපත ලද මයිකල් කොලින්ස් නාසා ආයතනය සමග එක් වූයේ 1963 වසරේදියි.

1969 වසරේදී ඓතිහාසික සඳ ගමනට එක්වූ ඔහු ඇපලෝ 11 යානයේ මෙහෙයුම් කටයුතු සිදු කරන ලදි.ඒ හේතුවෙන් සඳ මත පා තැබීමට ඔහුට අවස්ථාව නොලැබුණ බැවින් "අමතක වූ ගගනගාමියා " ලෙස ද ඔහුව හැඳින්වීය.