කොවීඩ් නොතකා සෞන්දර්ය හිතුමතේ 

කොවීඩ් නොතකා සෞන්දර්ය හිතුමතේ 

තුන්වන කොවිඩ් රැල්ල සමග රටම අර්බුදකාරී ආවදානම් සහගත තත්ත්වයක තිබියදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුගේ අවශ්‍යතාව මත පසුගිය වර්ෂයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සිටි සිසුසිසුවියන් 252 ක් පමණ [ නාට්‍ය සහ නැටුම් අංශ ] රාජගිරියේ සහ දෙහිවල නේවාසිකාගාර දෙකක රඳවා ඔවුන්ගේ පළමු වසර විභාගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත .

මෙහි බැරෑරුම් සහ අවදානම් සහගත තත්ත්වය උද්ගත වී ඇත්තේ පරිපාලනය විසින් ගෙන යන දැඩි නීති - රීති අමානුෂික පිළිවෙත් නිසාය. විද්‍යාර්ථීන්ට මසකට ප්‍රමාණවත් ඇඳුම් - පැළදුම්, ආහාර සහ ප්‍රවාහනය සඳහා මුදල් රැගෙන එම අනිවාර්යය කර ඇති අතර කිසිම හේතුවක් මත විශ්වවිද්‍යාලයෙන් හෝ නේවාසිකාගාරයෙන් පිටතට යාමට ඔවුන්ට අවසරයක් නොදෙයි. එහෙත් ප්‍රමාණාත්මක ආහාර සහ සෞඛ්‍ය පහසුකම් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් විද්‍යාර්ථීන්ට ලබා දී නැත. මෙම අමානුෂික ක්‍රියාවලිය ආරම්භ කර සිවුවන දිනය වන විට සිසුන් දස දෙනෙක් පමණ ක්ලාන්තය සැදී ඇද වැටී ඇත. ඔවුන්ගෙන් දෙදෙනෙක් 1990 සුව සැරිය මගින් රෝහල් වෙත යවා ඇත. පවතින කොවිඩ් තත්ත්වය මත ඔවුන් එසේ අසනීප වීම සහ අනිත් සිසුන් ඔවුන් සමග රඳවා තබාගැනීම අවදානම් සහගත තත්ත්වයකි. මෙහිදී පරිපාලනය සියලු නීති අණපණත් පනවා ඇත්තේ සිසුන් වෙත ය.

ඒ කෙසේද යත්,

1 - ලංකාවේ සියලු ප්‍රදේශවලින් කිසිදු සිසුවකු pcr පරීක්ෂණයක් සිදු නොකොට, නිරෝධායනය නොවූ බවට සෞඛ්‍ය පරීක්ෂක මගින් සහතික කොටගත් ලිපියක් මගින් කොවිඩ් නැති බව තහවුරු කර ගැනීම .

2 - ආචාරයවරුන්, අනධ්‍යයන සේවකයන්, ආපනශාලා කාර්ය මණ්ඩලය නිවෙස්වල සිට පැමිණියත් ඔවුන්ට කොවිඩ් බෝ නොවන බව සිතීම .

3 - දැනට අසනීපව රෝහල් ගතවන සිසුන්ගේ සැබෑ තත්ත්වය ගැන කිසිදු තොරතුරක් හෙළි නොකිරීම පැහැදිලිව දැකිය හැක . මෙහිදී කිසිදු pcr පරික්ෂණයක් සිදු නොකොට සිසු සිසුවියන් එක්රැස් කර නේවාසිකාගාර තුළ කෑමක් බිමක් පවා නොමැතිව තබාගෙන පෙරට වඩා කොවිඩ් අවදානමකට යමු කර ඇත . 

නුවන්ත මනෝජ් වැල්ලම්පිටිය