විකිරණශීලී ද්‍රව්‍ය සහිත නැවක් හම්බන්තොට වරායට

විකිරණශීලී ද්‍රව්‍ය සහිත නැවක් හම්බන්තොට වරායට

විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවක් ඊයේ (20) රාත්‍රියේ හම්බන්තොට වරායට අනවසරයෙන් ඇතුළු වී තිබෙනවා.

නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රාකරමින් තිබූ මෙම චීන නෞකාවේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් මත මෙලෙස හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා.

පසුව එම නෞකාවට පිටව යන ලෙස  ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ දැනුම් දී තිබෙනවා.

මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේ දී ද කතාබහට ලක් වුණා.