ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙයි

ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙයි

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බැවින් එම දිනවල ප්‍රදේශ රැසකට දැඩි උණුසුම් කාළගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මුලතිව්, වව්නියාව, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර සහ මොණරාගල
දිස්ත්‍රික්ක වලට මින් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

එසේම කුඩා දරුවන්,වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා තිබෙනවා.