කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වෙයි

කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වෙයි

අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් වහන්සේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අපවත්වූහ.
අපවත් වන විට උන්වහන්සේ 88 වන වියේ පසුවිය.
ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව
ලබන බ්‍රහස්පතින්දා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.