අග්‍රාමාත්‍යවරයාගේ බංග්ලාදේශ සංචාරය

Previous Next

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියගේ ආරාධනයකට අනුව
දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අද උදාසන  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශය බලා පිටත්ව ගියා.

බංග්ලාදේශ ජනරජයේ පියා ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන් මහතාගේ ඡන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීවයි අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවන්නේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට බංග්ලාදේශ අගමැතිතුමිය ඩකා ගුවන්තොටුපළ වෙත පැමිණි සිටි අතර
හමුදා උත්තමාචාර සහිත විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධාන කර තිබුණා.

බංග්ලාදේශ ජාතික වීර අනුස්මරණ ස්මාරකයට උපහාර පිදීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ අතර එහිදී සිය සංචාරය සංකේතවත් කරමින් බංග්ලාදේශ ජාතික වීර ස්මාරක භූමියේ  පැළයක් රෝපණය කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවුණා.


මෙම සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය, ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ බංග්ලාදේශ මහ බැංකුවේ අධිපතිවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.