ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි !

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි !

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි බන්දුල ජයසේකර මහතා අද ( 05) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මියයන විට 60 වැනි වියෙහි පසුවිය. රුධි­ර­ගත පිළිකා රෝග­ය­කින් පෙළෙමින් සිටි එම මහතා වසර දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර සඳහා යොමු වී තිබිණ.

 
ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙස කටයුතු කළ බන්දුල ජයසේකර පසුව කැනඩාව, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාවේ යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස ද සේවය කළේ ය.  News 1stහි ‘පැතිකඩ’ වැඩසටහන හරහා
ඔහු වඩාත් ප්‍රේක්ෂක ජනාදරයට ලක් විය.