‘රත්තරන් දොස්තර’ සමුගනියි !

‘රත්තරන් දොස්තර’ සමුගනියි !

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (02) පෙරවරුවේ මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ අවසන් කටයුතු අද සවස ගාල්ල, දඩැල්ල ආදාහනාගාරයේදී සිදුකෙරුණා.මිය යනවිට ඔහු 32 හැවිරිදි වියෙහි පසුවුණා.

රාගම රෝහලේ සේවය කරමින් සිටියදී කොවිඩ්  ආසාදිතයෙකු ලෙස තහවුරු වූ මෙම වෛද්‍යවරයා, පසුගියදා ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට ඇතුළත් කෙරුණා. වෛරසයේ සංකුලතා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කළේ.

‘රත්තරන් දොස්තර’ නමින් ප්‍රකටව සිටි මෙම වෛද්‍යවරයා අසාධ්‍ය රෝගී දරුවන්ගේ ජීවිත බේරාගත් දක්ෂ වෛද්‍යවරයෙක්. එසේම ඔහු දක්ෂ ගිටාර් වාදන ශිල්පියෙක්ද වනවා.

 කොරෝනා හේතුවෙන් මියගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍යවරයා වන ඔහු පිළිබඳ අද  මාධ්‍ය හරහා බොහෝ දෙනා සටහන් තබා තිබුණා.