මෙරට කොරෝනා සමාජ ව්‍යාප්තියක් නැහැ- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

මෙරට කොරෝනා සමාජ ව්‍යාප්තියක් නැහැ- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

දැනට පී.සී.ආර්. පරීක්ෂණවලින් හඳුනා ගන්නා ආසාදිත ප්‍රතිශතය 3.5% ත් 4% ත් අතර වන අතර සමාජ ව්‍යාප්තියක් වීමට එම ප්‍රතිශතය 5% ඉක්මවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.


මේ අතර ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ලබන සෙනසුරාදා ඇරඹෙන බව වාර්තා වෙනවා.දිනකට ලක්ෂ තුනක පිරිසක් සඳහා මධ්‍යස්ථාන 3000 ක සිදු කිරීමට නියමිත මෙම එන්නත්කරණ වැඩසටහන ලොව විශාලතම කොරෝනා එන්නත්කරණ වැඩසටහන බවට පත්වෙනු ඇති.