ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ  ඡන්ද විමසීම අද

කැපිටල් හිල් සිදුවීමට අදාළව ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ගොනු කළ දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අදට යෙදී තිබෙනවා.

ඒ අනුව සිය ධුර කාලය තුළ දෝෂාභියෝගයන්ට මුහුණ දෙන පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වෙනවා.

එහෙත් ජනාධිපතිවරයාව ධුරයෙන් නෙරපීම සඳහා 25 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ යෝජනාවට එරට උප ජනාධිපතිවරයා සහය පළ කර නැහැ.

මේ අතර ජනාධිපතිවරයාගේ youtube ගිණුමත් දින 07කට අක්‍රිය කිරීමට එම සමාජ ජාලය පියවර ගෙන තිබෙනවා. මේ වන විටත් ඔහුගේ ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට facebook සහ instagram පියවර ගෙන ඇති අතර Twitter සමාගම ට්‍රම්ප්ගේ ගිණුම් ස්ථිරවම වසා දමා තිබෙනවා.

ජනාධිපති ට්‍රම්ප්ගේ ධුර කාලය මේ මස 19 වනදා අවසන් වීමට නියමිතව තිබෙනවා.