රන්ජන් රාමනායක නිරෝධායනයට

රන්ජන් රාමනායක නිරෝධායනයට

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත යොමු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අද එලෙස සිව් වසරක සිර දඬුවම් නියම වූයේ 2017 වසරේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේයි. මෙය 2017 අගෝස්තු 21 වනදා අරලියගහ මන්දිරය අසලදී මාධ්‍ය හමුවේ, අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධව විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින්  රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව යටතේ පවරන ලද නඩුවේ තීන්දුවයි. 

නඩුතීන්දුව ලද පසුවත් මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ එදින පැවසූ සියල්ල සත්‍යය බැවින් සමාව ගැනීමක් සිදු නොකරන බවය.