අමෙරිකානු ඉතිහාසයට එක්වූ කළු පැල්ලම

Previous Next

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජනාධිපතිවරණ අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය නිවේදනය කිරීම යෙදී තිබුණු අද දිනයේ එරට වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවාදාත්මක ප්‍රකාශයන් මත , Capitol hill ගොඩනැගිල්ලට කඩාවැදී කලහකාරී ලෙස හැසිරීමට ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ක්‍රියා කළා.මෙය හුදෙක් විරෝධතාවක් නොව ප්‍රචණ්ඩකාරී හැසිරීමක් ලෙස දක්නට ලැබුණා.

සිදුවීම අතරතුරත් ආධාරකරුවන් උසිගන්වන ආකාරයේ ප්‍රකාශ ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය හරහා නිකුත් කිරීම මත මේ වන විට Twitter  ආයතනය තාවකාලිකව ට්‍රම්ප්ගේ ගිණුම් අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා.එමෙන්ම අවසන් වරට ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදන කිහිපයක් මකා දමන්නට ද එම ආයතනය කටයුතු කර තිබෙනවා.

මෙම සිදු වීමෙන් පුද්ගලයින් 4 දෙනකු ජීවිතක්ෂයට පත්වුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය නිවේදනය කෙරුණා.

නව ජනාධිපතිවරයා මේ මස විසි වෙනදා ධුරයේ දිවුරුම් දීමට නියමිත වන අතර ඇතැම් විට ඊට පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් නෙරපා හැරිය යුතු බවට ඇතැම් නිලධාරීන් ප්‍රකාශ කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මේ වන විට ධවල මන්දිරයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙක්ම සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා මේ වන විට වොෂින්ටනය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර විරෝධතා කරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.

අමෙරිකානු වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ක්‍රියා කලාපය අමෙරිකානු ඉතිහාසයට එක් කළ කළු පැල්ලමක් බව බොහෝ විචාරකයින් පෙන්වා දෙනවා.