ඉන්දියානු විදේශ අමාත්‍යවරයාගේ ලංකාගමනය-එන්නත විදින්න අපි ලෑස්තියි !

ඉන්දියානු විදේශ අමාත්‍යවරයාගේ ලංකාගමනය-එන්නත විදින්න අපි ලෑස්තියි !

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා. ආචාර්ය එස්.ජයශංකර් මහතා මෙලෙස පැමිණ ඇත්තේ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද සමගයි.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා පස්වරුවේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැත්වූවා.

එහිදී ශ්‍රී ලංකාවට වැදගත් කරුණු රැසක් ඉදිරිපත් වූ අතර ඉන්දියාව නිෂ්පාදනය කරන Covid-19  එන්නත ශ්‍රී ලංකාවට ලබාගැනීම පිළිබඳවත්, දෙරට අතර මුහුදු සීමාවේ පවතින ධීවර ගැටලුව පිළිබඳවත් කරුණු ඉදිරිපත් කෙරුණා. එසේම ඉන්දියානු ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්තෙන් සිටින බවත්, සියලු ජන කොට්ඨාස එක් කරගනිමින් ශ්‍රී ලංකාව සිදු කරන සංහිඳියා ක්‍රියාවලියකට ඉන්දියාවේ සහය හිමිවන බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අද සවස් කාලයේ ඒ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයාද හමුවීමට නියමිතයි. මෙය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මේ වසරේ පළමු විදේශ සංචාරයයි.