කොරෝනා වසංගතයෙන් පසු පළමු විදෙස් සංචාරකයින් පිරිස අද දිවයිනට

 කොරෝනා වසංගතයෙන් පසු පළමු විදෙස් සංචාරකයින් පිරිස අද දිවයිනට

 කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව අත්හිටවනු ලැබූ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම යළි ආරම්භ කිරීමට පසුගියදා කටයුතු සූදානම් කෙරුණා.

ඒ අනුව එහි නියමු ව්‍යාපෘතිය යටතේ පළමු ගුවන් යානය අද පස්වරු 2.07ට මත්තල ගුවන් තොටුපළට පැමිණියා. විශේෂ ක්‍රමවේදයකට යටත්ව මෙම ව්‍යාපෘතිය සැලසුම් කළ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

යුක්රේනයේ සිට සංචාරකයින් 180 දෙනෙකු මෙලෙස පැමිණි අතර ඔවුන් කොග්ගල සහ බෙන්තොට හෝටල් කිහිපයකට රැගෙන යාමට නියමිතයි. එහිදී දින 7ක කාලයක් රැඳී සිටීමට ඔවුන්ට සිදුවන අතර PCR පරීක්ෂණ කිහිපයකින් පසුව තෝරාගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසෙනු ඇති.

මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකභාවය අනුව ඉදිරියේදී වැඩි වශයෙන් මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීම සැලසුමයි.