ඩෝසරයට එරෙහිව රටපුරා සම්මන්ත්‍රණ මාලාවක්

ඩෝසරයට එරෙහිව රටපුරා සම්මන්ත්‍රණ මාලාවක්

ඩෝසරයට එරෙහිව පරිසරය වෙත යළි හැරෙන කතාබහක් 'යන තේමාව යටතේ පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය අද (දෙසැ 28) මාතලේ මහත්මා ගාන්ධි ශාලාවේදී  3.30ට පැවැත්වීමට නියමිතයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධාන කරන මෙම සම්මන්ත්‍රණයේ අරමුණ රටපුරා වේගයෙන් සිදු කෙරෙන පරිසරය විනාශ කිරීමේ ක්‍රියාකාරකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමයි. අද සමාරම්භක සම්මන්ත්‍රණයේදී ජවිපෙ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න  සහ විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිලීප විතාරණ  අදහස් දැක්වීමට නියමිතයි. මෙම දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාව ජනවාරි 26 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

  • හම්බන්තොට – ජනවාරි 09 
  • කොළඹ – ජනවාරි 10
  • මහනුවර         – ජනවාරි 15
  • බණ්ඩාරවෙල – ජනවාරි 17
  • මොණරාගල   – ජනවාරි 13
  • ගම්පහ           – ජනවාරි 18
  • අම්පාර           – ජනවාරි 19
  • ත්‍රීකුණාමලය – ජනවාරි 26