නව කොරෝනා ප්‍රභේදය මැද පෙරදිග සිට එන පිරිස් හරහා මෙරටට ව්‍යාප්තවීමේ අවදානමක්

නව කොරෝනා ප්‍රභේදය මැද පෙරදිග සිට එන පිරිස් හරහා මෙරටට ව්‍යාප්තවීමේ අවදානමක්

B-117 නම් බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව coronavirus ප්‍රභේදය මේ වන විට අප්‍රිකාව,සිංගප්පූරුව ඊශ්‍රායලය සහ ප්‍රංශය වැනි රටවලිනුත් වාර්තා වී තිබෙනවා.මේ වන විට ‍බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව නවත්වා තිබුණද මැදපෙරදිග රට වල සිට පැමිණෙන පිරිස් හරහා ද මෙම වෛරසය ලංකාවට ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
එසේම මෙම නව ප්‍රභේද හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ප්‍රමාණවත් රසායනාගාර පහසුකම් නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසනවා.

නමුත් ‍ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යා ආයතනයේ සභාපති චන්දිම ජීවන්දර සඳහන් කළේ ,ඔවුන් සතුව මෙම නව ප්‍රභේද හඳුනා ගැනීමේ තාක්ෂණය පවතින බවයි.
කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දීම සඳහා ලොව පුරා එන්නත් කිහිපයක්ම සූදානම් කර ඇති අවස්ථාවකයි මෙලෙස එම වෛරසයේ නව ප්‍රභේදයක් හඳුනා ගනු ලැබුණේ.එම එන්නත් මෙම නව ප්‍රභේද වලට සාර්ථකව මුහුණ දෙනවාද යනවග තවමත් සොයාගෙන නැහැ.