ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියාට කොරෝනා !

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියාට කොරෝනා !

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ. සිය නිල ට්විටර් ගිණුම මගින් ඔහු ඒ බව තහවුරු කළේය. තමා සහ බිරිඳ මේ වන විට නිරෝධායනයට යොමු වී සිටින බවත් සිය කාර්ය මණ්ඩල නිලධාරිනියක් වන තම සමීපතම උපදේශකවරියක වන 31ක් හැවිරිදි හෝප් හික්ස් හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවත් ඔහු ට්විටර් පණිවුඩය හරහා කියා සිටියේය.

31 හැවිරිදි උපදේශිකාව හෝප් හික්ස් දින කිහිපයකට පෙර රූපවාහිනි විවාදයකට සහභාගී වීම සඳහා ඔහියෝ වෙත ගමන් කර ඇති අතර ඇය මුඛ ආවරණයක් නොපැළඳ ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානයෙන් බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

120367467 252641019461063 5460499856166124061 n