' රත්මලානේ රොහා ' පොලිස් වෙඩි පහරින් මරු⁣ට !

' රත්මලානේ රොහා ' පොලිස් වෙඩි පහරින් මරු⁣ට !

පාතාල අපරාධ හා හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවකු වූ “රත්මලානේ රොහා” නැමැති සැකකරු අද (24) අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස්  ඇති බව වාර්තා වෙයි.

බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සමග අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇති රෝහා ඉන්දියාවට පලායාමට සූදානමින් සිට ඇති බවත් ඔහු ළඟ තිබී T56 ගිනි අවියක් හා රිවොල්වරයක් පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලීසිය පවසයි. මෙම වෙඩි හුවමාරුව කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ සැඟව සිටිය දී සිදු ව තිබේ.