කිඹුලෙකු මැරූ හතක් හිරේ !

කිඹුලෙකු මැරූ හතක් හිරේ !

කිඹුලෙකු මැරූ 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රීකුණාමලය, ගෝමරන්කඩවල, නීලපනික්කි වැවේ සිටි අඩි 8 ක පමණ දිගකින් යුත් කිඹුලෙකු එලෙස මරා දමා ඇති බව පොලීසිය සඳහන් කළේය. සැකකරුවන් සිවිල් ආරක්ෂක බලකායට අනියුක්තව සේවය කරනු ලැබු පිරිසක් බවත් මරා දමන ලද කිඹුලන් තිදෙනෙකුගේ ඇටසැකිළි ඔවුන් සතුව තිබී සොයා ගත් බවත් පොලිසිය කියා සිටියි. සැකකරුවන් අද (15) ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.