නිව් ඩයමන් නෞකාවේ කපිතාන්වරයා ගාල්ලට !

නිව් ඩයමන් නෞකාවේ කපිතාන්වරයා ගාල්ලට !

ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන් නෞකාවේ කපිතාන්වරයා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවකින් ගොඩබිමට පැමිණ තිබේ. මෙම කපිතාන්වරයා නෞකාව අනතුරට ලක් වූ දින සිට ගින්න නිවීමේ මෙහෙයුම් සිදුකිරීම සඳහා නෞකාව ආසන්නයේ පිහිටි වෙනත් යාත්‍රාවක සිට තොරතුරු සපයමින් සහයෝගය ලබා දී තිබිණි. නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමෙන් පසු එම කපිතාන් වරයා ඊයේ (10 ) පස්වරුවේ කල්මුණේ නාවික හමුදා කදවුර වෙත රැගෙන ආ අතර සියලුම ආරක්ෂක ක්‍රමවෙදයන් අනුගමනය කරමින් කපිතාන් වරයා ගාල්ලේ පිහිටි හුදකලා මධ්‍යස්ථානයකට රැගෙන ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේය.