මෝදිගේ නිල ට්විටර් ගිණුම හැක් කරයි !

 මෝදිගේ නිල ට්විටර් ගිණුම හැක් කරයි !

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්ව්ටර් ගිණුම, ජංගම දුරකන යෙදවුම සහ වෙබ් අඩවිය ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල් වී ඇති බව වාර්තාවෙයි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ට්විටර් සමාගම කියා සිටියේ ගිණුම මේ වන විට සාමාන්‍ය තත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

ස්වෛරීභාවයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව පවසමින් චීනය හඳුන්වා දුන් ජංගම දුරකතන යෙදුම් 118ක්, තහනම් කිරීමට ඉන්දියාව ඊයේ (2) පියවර ගත්තේය. කෙසේවෙතත් එයින් අනතුරුව මෙම සයිබර් ප්‍රහාරය එල්ලවීම විශේෂ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.