විස්සට කැබිනට් අනුමැතිය !

 විස්සට කැබිනට් අනුමැතිය !

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයෙ (2) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණයට පැමිණ තිබේ. අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයෙ (2) පස්වරු 4.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

නව රජයේ පළමු කැබිනට් හමුවේදී 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට අමාත්‍ය අනු කමිටුවක් පත් කෙරිණු අතර ඒ සඳහා ජනාධිපති නීතිඥ අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල හා මහාචාර්ය ජී එල් පීරිස් යන අමාත්‍යවරුන් ඇතුළත්ව සිටියි.